Tag Archives: Ranwala Oya

මිනි හයිඩ්‍රෝ මාෆියාව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල රන්වල ඔයත් බිලි ගනී

ගං ඉවුර සහමුලින් විනාශ කර පාංශු ඛාදනයත් පොලොවෙහි අස්ථාවර තත්වයත් ඉහල නංවා, ඉතා ඉහල ජෛව විවිධත්වයක් ඇති මෙම පරිසර පද්ධතිය මේ මොහොතේ විනාශ කරමින් පවතී. ගංගා ප්‍රේරක කලාප රැක ගැනීමට පොතට පමණක් සීමා වුනු නීති රෙගුලාසි මගින් ඇති ඵලය කුමක්ද? මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා අනුව පසුගිය වර්ෂ කිහිපය තුල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර වල කාර්යක්ශමතාවය 30% පමණක් වන අතර, මෙම ජල පෝෂක පරිසර පද්ධති වනසන ව්‍යාපෘතිය හරහා ජනනය කිරීමට අපේක්ෂිත 0.7MW අල්ප විදුලියෙනුත් ජනනය කල හැකිවන්නේ 0.21MW එනම් ශ්‍රී ලංකාවේ වර්තමාන විදුලි උත්පාදනයෙන් 0.005%ක් පමණි.

රටේ වැඩිම විදුලි අවශ්‍යතාවයක් ඇති වියලි කාලයේ ජනනය කිරීමට නොහැකි, විදුලි අවශ්‍යතාවයෙන් 0.005%ක් පමණක් ජනනය කිරීමට රටේ කෘෂිකර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත්, ගැමියන්ගේ ජන ජීවිතයත් යැපෙන මෙම වටිනා ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීමට ඉඩ දීමට එරෙහිව නැගී සිටින්න. සංවේදී ජල පොෂක ආශ්‍රිත පරිසර පද්ධති විනාශ නොකර විදුලිය ජනනය කල හැකි සූර්ය බලය, සුලං බලය, කසළ මගින් බලශක්තිය හා මුහුදු රළ මගින් බලශක්තිය ජනනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා බලධාරීන් යොමු කරවන්න.

36282583_10217040729314411_6078131820585549824_n

වැසි වනාන්තර සුරකින්නෝ

http://www.RainforestProtectors.org