Category Archives: Kitulgala

Earth Overshoot Day and Destruction of Riverine EcoSystems in Sri Lanka

Every day we see and hear more environmental destruction than ever before. It is quite a challenge to protect the environment in a world where rapidly increasing human population, greed and ignorance is stressing the planet beyond its limits to provide sustainable natural resources for all. The “Earth Overshoot Day” marks the approximate date when humans have used more of Earth’s renewable resources than the planet can regenerate in a year. Earth Overshoot Day gets earlier each year as we continue to demand more and more of our small planet. It falls on August 1st this year 2018.

While all sounds doom and gloom, we should remember that if our ancestors did not fight for and protect what is remaining today, we would not have any Rainforests or National Parks left in our country. In the early 1970’s when the Plywood Corporation was clear-cutting Sinharaja and Kanneliya Rainforests, it was the collective efforts of Environmentalists, Scientists, Clergy and the general Public that halted the destruction. We should be thankful for their efforts and realize it was a long-fought battle that took seven long years. Therefore, lets work together and help protect what is remaining for us and our future generations.

b9b4f6ec76007314635dba3787a7f0fc

Destruction of Kitulgala Riverine EcoSystem, one of the most

bio-diverse areas in Sri Lanka

 

23215558_1761475747198996_9200393845414434190_o

Point Endemic Devario micronema that is found no where else on earth but Kitulgala Riverine EcoSystem currently destroyed due to mini-hydro projects

Kitulgala Ecosystem exhibits nearly the same biodiversity as that of Sinharaja World Heritage Rainforest. Unfortunately, the authorities in Sri Lanka with powers to protect the environment has failed completely when it comes to protecting this vital ecosystem and catchment area. With Broadlands Hydropower project currently destroying both the ecosystem and tourism, another private mini-hydro project has been approved to destroy what remains. While Broadlands hydropower project will not even generate 1% of the needed energy for the country, the private mini-hydro project would not generate even 0.005%. Therefore, we are alarmed why the authorities are destroying such vital natural heritage as well as killing thousands of tourism based jobs.

As a concerned citizen, you can sign & share the petitions below.
 

Stop the Ecologically and Socio-Economically Destructive Kitulgala Mini-Hydro Project

Immediately Halt! Kitulgala Broadlands Mini Hydro Project in Sri Lanka which has affected White Water Rafting Tourism!

While petitions alone may not save the last remaining pristine ecosystems, it will help spread the message among general public as today’s media hardly cares about exposing environmental destruction, which has resulted in many destructive projects being carried out with little to no opposition.

14310317_1290592827620626_1285367081612573330_o14322417_1290592960953946_1022758788961181966_n14324539_1290592894287286_4441141525330616336_o

Kitulgala Riverine Rainforest EcoSystem – Gone Forever!

 

Rainforest Protectors of Sri Lanka

http://www.RainforestProtectors.org

සුන්දර කිතුල්ගල වනසන මිනි හයිඩ්‍රෝ මාෆියාව

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බණ්ඩාර රක්ෂිතයට මායිම්ව කැළණි ගඟෙහි ප්‍රේරක කලාපය තුල ඉදිකිරීමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් මුළු ලෝකයෙන්ම එම ස්ථානයේ පමණක් වාර්තා වන ඉතා දුර්ලභ කිතුල්ගල සාලයා හා හොර කුලයට අයත් Balnocapus Kitulgallensis ශාඛය සදහටම වඳවීයාමේ තර්ජනයකට මුහුන පා ඇත.

Devario micronema හෙවත් කිතුල්ගල සාලයා කැළණි ගංගා ද්‍රෝණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව, සෙමින් ගලායන සෙවණ සහිත දියපහර වල පමණක් ඉතා සීමිත ව්‍යාප්තියක් පෙන්වන මත්ස්‍ය විශේෂයකි. මෙම විශේෂය 1863 දී “පීටර් බ්ලීකර්” නම් මත්ස්‍ය විද්‍යාඥයෙකු විසින් මුලින් හඳුන්වා දී ඇති නමුත් මෙතෙක් වඳවී ගිය විශේෂයක් ලෙස සැලකුණු අතර ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදු කරන ලද මිරිදිය සාලයන් පිලිබඳ අධ්‍යයනයේදී මෙම මත්ස්‍ය විශේෂය නැවත සොයාගැනීමට හැකි වුනි.

23215558_1761475747198996_9200393845414434190_o

කිතුල්ගල සාලයා – පිටපත් අයිතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය

යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය මෙම මත්ස්‍ය විශේෂය සීමා වී පවතින ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අතර, දැනටත් ප්‍රාදේශිය බලධාරීන් අවසර ලබා දී ඇති මෙම ඉදිකිරීම සිදුවුවහොත් කිතුල්ගල සාලයා මත්ස්‍ය විශේෂය වාසය කරන ජල මූලාශ්‍ර විනාශ වී මුලු ලොවින් සදහටම වඳ වී යාමේ තර්ජනයක් පවතී. ස්ථානීය ආවේණික (point endemic) කිතුල්ගල සාලයා සම්බන්ධ කරුණු පාරිසරික ඇගයීම් වාර්තාවල සඳහන් නොවී තිබීම නිසා අදාල ප්‍රාදේශිය බලධාරීන් මෙම ව්‍යාපෘතියට අනුමැතිය දී ඇත්තේ එකී වැදගත් කරුණු සම්බන්ධව සැලකිල්ලට නොගෙනය.

kitulgala

ව්‍යාපෘතියට හසුවන ජල ප්‍රදේශය තුල මත්ස්‍ය විශේෂ 39ක් දැකිය හැකි අතර මින් 21ක් ලංකාවට ආවේනික මත්ස්‍යයින් වේ. ඉන් 17ක් වඳවීයාමේ තර්ජනයට මුහුණ පෑම නිසා IUCN රතු දත්ත පොතට ඇතුලත් වී ඇති අතර ඉන් 12ක්ම මෙම පරිසරයේ ජීවත් වෙති.

බොහෝ ප්‍රදේශ තුල දැනට ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර මගින් පරිසරයට නිර්දේශ කල ජල ප්‍රමාණයවත් බලාගාර හිමියන් විසින් නිදහස් නොකිරීම නිසා ඉතා ගැටළුකාර තත්වයක් ඇතිවී තිබේ. මෑතකදී කුඩා ජල විදුලි බලාගාර ඉදිකල බොහෝ දිස්ත්‍රික්ක තුල ජල චක්‍රය විකෘති වීම නිසා තද නියං තත්වයත්, ඉන් පසුව මෝසම් වැසි සමග ගංවතුර හා නායයෑම් විශාල වශයෙන් ඇතිවීමත් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අහිමි වූ අතර, පවුල් ලක්ෂ ගණනක් දැඩි පීඩාවට පත්වුනි. මීට ප්‍රධාන හේතුව ස්වභාවික වනාන්තර හා ජල මූලාශ්‍ර විනාශ කිරීමත්, එම ප්‍රේරක කලාප හා ජල මූලාශ්‍ර අවහිර කර කුඩා ජල ව්දුලි බලාගාර ඇතුලු නොයෙකුත් ඉදිකිරීම් කිරීමත්, ජලය ස්වභාවික දොළ හා ගංගා තුල නොව කොන්ක්‍රීට් කාණු පද්ධති තුලින් යැවීම නිසා ජල උල්පත් විනාශ වීමත්, කඳු හා බෑවුම් ප්‍රදේශ තුල කැනීම් කටයුතු නිසා පසෙහි ස්ථාවරත්වය බිඳ වැටීමත් නිසාය.

mawanana1mawanana2

2017 ජූනි මස නායයෑමට තුඩුදුන් නෙළුව මාවනාන පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය

මෑත කාලීනව ඇතිවූ වියලි කාලගුණ තත්වයන් යටතේ හා ඉදිරියට අපේක්ශිත දැඩි නියං හා එල් නීනෝ කාලගුණ තත්වයන් යටතේ කුඩා ජල විදුලි බලාගාර මගින් තව දුරටත් ජාතික විදුලි අවශ්‍යතාවයට සැලකිය යුතු සහයක් නොලැබෙන බව ගම්‍ය වී ඇත. එය පසුගිය සමයේ විදුලි බල ජනන දත්ත සැසඳීමේදී පෙනී යන අතර, කුඩා ජල විදුලි බලාගාර 180කට ආසන්න ප්‍රමාණයක විදුලි උත්පාදන එකතුව ජාතික අවශ්‍යතාවයෙන් 2% ක් වත් නොවීමත් බලාගාර කාර්යක්ශමතාවය 20% ක් ආසන්නයේ පැවතීම මගිනුත් ඉහත කාරණය තවදුරටත් සනාත වේ.

දිනෙන් දින උග්‍ර වන නියං තත්වය, එල් නීනෝ තත්ත්ව, සහ දේශගුණ විපර්යාස හමුවේ මෙරට ඉතිරි වී ඇති ජල මූලාශ්‍ර රැක ගත යුතු අතර, එම වටිනා ජල සම්පත හා වැසි වනාන්තර වනසමින් රටේ විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට කොහෙත්ම නොහැකිය. වනාන්තර විනාශය හා ගෝලීය උෂ්ණත්වය නැගීම නිසා ඉදිරියේදී පැමිනීමට නියමිත දරුණු නියං තත්වයත් සමග අපට කෘෂිකර්මාන්ත කටයුතු තබා පානය කිරීමටවත් ජලය ඉතිරි නොවනු ඇත.

ඉහත වැදගත් කාරණා සැලකිල්ලට ගෙන ලෝකප්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය හා සංචාරක කලාපය විනාශ වීමට තුඩු දෙන මෙම ව්‍යාපෘතිය අත්හිටවා, සිංහරාජයට නොදෙවෙනි ජෛව විවිධත්වයක් ඇති මෙම සුවිශේෂ වැසි වනාන්තර පද්ධතිය රැක ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම අදාල රජයේ බලධාරීන්ගේ යුතුකමය.

වැසි වනාන්තර සුරකින්නෝ

http://www.RainforestProtectors.org