Monthly Archives: September 2017

තිරසාර සංවර්ධනයේ “අ”යන්න තිරසාර ඉඩම් ප්‍රතිපත්තියයි !

අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව දුපත් රාජයකි.  අප දුපත සාපේක්ෂව ඉතා කුඩා භූමියකි.  එය වර්ග කිලෝමීටර 65610 ක් පමණි. මෙය මිලියන 21ක් වන ජනගහනයක වාසයටත්, ආහාර සපයාගැනීමට අවශ්‍යවන කෘෂිකර්මයටත්, ජලය සපයාගැනීමට අවශ්‍ය වන ජලය ගබඩාකරගැනීමටත්, හුස්ම ගැනීමටත් වර්ෂා චක්‍රයත් පවත්වාගැනීමට ඉවහල්වන වනාන්තර පවත්වගනීමටත්, නොයෙක් කාර්මික යටිතල පහසුකම් අවශ්යතාවලටත් ඇති සම්පුර්ණ බිම් ප්‍රමාණයයි. එනිසාවෙන් මේසා කුඩා දුපතක වෙසෙන අපගේ භුමියේ වටිනාකම කියනිමකල නොහැකි තරම්ය. අවාසනාවට එකී ඉඩම් තිරසාර ලෙස භාවිතා කල යුතු ප්‍රතිපත්ති සම්පාදකයන්ට හෝ ඒ වෙනුවෙන් බිලියන ගණන් වැය කොට පවත්වාගෙන යන අමාත්‍යංශ, ආයතන සහ නිලධාරීන්ට වගේ වගක් නැතුවා සේය.

ලෝක බැංකු දත්ත වලට අනුව ලංකාවේ ඒක පුද්ගල ඉඩම් බෙදීයාම (availability) හෙක්ටයාර 0.06කි. මෙය ඉන්දියාවේ පුද්ගලයෙකුට හෙක්ටයාර 0.12 ක් ද, ඕස්ට්‍රේලියාවෙදී හෙක්ටයාර 2ක් ද, ඇමෙරිකාවේ 0.48ක්ද වශයෙන් වේ.  මේ අනුව බලන කල අපට පැහැදිලිවන ප්‍රධානම කාරණය නම් ලංකාව ඉඩම් අතින් ඉතාම දුප්පත් රාජ්‍යක් බවය. ඉන්දියාවේ පවා අපට වඩා දෙගුණයකින් ඉදිරියෙන් සිටී. නමුත් මෙකී බොහෝ රටවල් පවා අද  වන විට තම ඉඩම් පරිහරණය පිලිබඳ දැඩි ලෙස සිතා ප්‍රතිපත්ති සකස් කර තිබේ. එය එසේ වුවද, ශ්‍රී ලංකාවට තවමත් විධිමත් ඉඩම් භාවිතා ප්‍රතිපත්තියක් නොමැත. තිබෙන යම් ලේඛන පවා අසම්පුර්ණ මෙන්ම කිසිවෙන් ගණන් නොගන්නා පත්තර කඩදාසි ගණනට වැටී ඇත.

ලංකාවේ විශාලම ඉඩම් ප්‍රතිශතයක් භාවිතා වන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙනි. එය සියයට 35කටත් මදක් වැඩි ප්‍රමාණයකි. එනම් සම්පුර්ණ භූමියෙන් තුනෙන් එකක් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදාගනී. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක්ව පවතී සමයේ එය අරුමයක් නොවේ. නමුත් අද එය එසේ නොවේ. ඇඟලුම් කර්මාන්තය හා සංචාරක හා වෙනත් කර්මාන්ත ලංකාවේ ප්‍රධාන ආර්ථික උපායන් බවට ක්‍රමයෙන් පත්වී ඇති අතර කෘෂිකර්මය තවදුරටත් මෙරට ආර්ථිකය හසුරුවන ප්‍රධාන සාධකය නොවේ. එසේම එය එසේ වීමට මුලික කාරණා කිහිපයක් නම් ලංකාවේ කෘෂිකාර්මික පලදායීතාව එන්න එන්නම අඩුවී යාමයි. කෘෂිකර්මය වෙනුවෙන් අප විසින් භාවිත කරන ඉඩම් පලදායී ලෙස යොදාගත්තේ නම්, එයින් හරි අඩකින් රට කෘෂිකාර්මිකව ස්ව්‍යන්පොෂිත කල හැකිව තිබුණි. ලංකාවේ සහල් හිඟය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය දෙස බැලීමේ මෙය මොනවට ඔප්පු වේ.

එසේම, අදුරදර්ශී ලෙස වාණිජ භෝග වගා ව්‍යාප්තිය මගින් මෙරට පරිසරයට හා ජන ජීවිතයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවේ. 1980 දී සියයට හැටකට වඩා වැඩිවූ ලංකාවේ වනාන්තර පසුගිය දශක කිහිපයේ අවෑමෙන් සියයට 20කටත් අඩු අගයකට ගෙන ඒමට මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කර ඇත. සිහරාජය නකල්ස් ශ්‍රී පාද අඩවිය ඇතුළු අති විශාල කළුදුල් වනාන්තර ප්‍රදේශ ප්‍රමාණයක් එලෙස නොයෙක් භෝග වගාවන්ට සහ ව්‍යාපෘති වෙනුවෙන් බිල්ලට දී තිබේ. විශේෂයෙන් යුධ සමයෙන් අනතුරුව උතුරු නැගෙනහිර මෙන්ම ඌව ප්‍රදේශයේ ආරක්ෂා වී තිබු වනන්තර හෙක්ටයාර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ  වන විට නැවත පදිංචි කිරීම්, අලුත් ජනාවාස කිරීම් සහ ඉරිඟු, විදේශීය කෙසෙල්  සහ උක් වැනි කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් වනසා දමා ඇත. එවන් විනාශයකට ලක්කරන ලද ප්‍රධාන කලාප අතර විපත්තුවට උතුරින් වූ වනාන්තර ප්‍රදේශ, වවුනියාව, අම්පාර, බුද්ධංගල, කුමන, ලාහුගල, යාල සහ මොනරාගල ප්‍රදේශ විශේෂ වේ. එසේම හම්බන්තොට ප්‍රදේශයේ ඉතා සුවිශාල කැලෑ සහ ලඳු ඉඩම් ප්‍රමාණයක් සංවර්ධන සළුවෙන් වසා නොයෙක් ආකාරයෙන් සීග්‍ර ලෙස විනාශ කරමින් පවතී.

kotiyagalaකොටියාගල වනාන්තරය 2016

තිරසාර සංවර්ධන යුගයක් මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සැපිරීමටත් සපථ කරමින් පැරිස් සමුළුව, ලෝක තිරසාර සංවර්ධන සමුළුව මෙන්ම නොයෙක් පාරිසරික සමුළු ගිවිසුම් එකඟතා වලට සහභාගී වී ඇති රාජ්‍යක් ලෙස ඒ වෙනුවෙන් ගතයුතු පියවරවල මුලික අවශ්‍යතාවයක් වන තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබඳව අප රටක් ලෙස මෙතෙක් සිතා බලා අවම ප්‍රතිපත්ති එකඟතාවන්ටවත් පැමිණ නොසිටීම ඉතාම ගැටලුසහගත මෙන්ම අවාසනාවන්ත තත්වයකි. උදාහරණයක් ලෙස වනාන්තර හෝ පාරිසරිකව වැදගත් ප්‍රදේශවල උදා කල ගම්මාන ඉදිකිරීම වෙනුවට ඒ සඳහා වඩා සුදුසූ තිරස් නිවාස ව්‍යාපෘතියක් වැන්නක් දිගුකාලීනව මෙන්ම කෙටිකාලීන ආර්ථික සහ පාරිසරික අතින් තිරසාර වන බවත්, වතු කම්කරු ජනතාව වෙනුවෙන් ඉඩම් හා නිවාස ව්‍යාපෘති කිරීමේදී වතු ඉඩම් අක්කර සිය ගණන් භාවිතා කරනවාට වඩා පෙර සඳහන් කල පරිදිම තට්ටු නිවාස ව්‍යාපෘතියක් වැනි ආයෝජනයකින් ඔවුන්ගේ මුලික අවශ්‍යතා වඩා කාර්යක්ෂම ලෙසත්, යටිතල පහසුකම් වඩා පහසුවෙනුත්, ක්‍රමවත්වත් සැපයිය හැකි බව අප තේරුම් ගත යුතුය.

ලඳු කැලෑ ඉඩම් හිස් ඉඩම් හෝ මුඩු ඉඩම් ලෙස දැකීමට ප්‍රතිපත්ති සම්පාදකයන් පුරුදුව සිටීම මීළඟ අවාසනාවන්තම තත්වයයි.  විශේෂයෙන් අලි ඇතුන් වැනි සතුන් ගැවසීමට ප්‍රිය කරන එවැනි ඉඩම්, විශේෂයෙන් මානම්, ඉලුක් සහ පතන ආකාරයේ ඉඩම්ද මෙලෙස වැඩකට නැති ඉඩම් ලෙස වර්ග කරමින් ඒවා විනාශ කිරීමට අර ඇදීම පාරිසරික සමතුලිතාවය සහ පරිසර පද්ධති පිලිබඳ රටක් ලෙස අපේ දැනුම පිලිබඳ කදිම නිදසුනකි.

ඉතා තද බෑවුම් සහිත කඳුකර ප්‍රදේශ, අඩි තුන්දහසකට මෙන්ම පන්දහසකට වැඩි කඳුකර ප්‍රදේශ, තෙත්බිම් පරිසර පද්ධති, ගංගාධාර, ජල පෝෂක ප්‍රදේශ, කඩොලාන පරිසර පද්ධති, කළු ගල් කඳු සහ කුඹුරු වැනි පහත්බිම් ඇතුළු එකී මෙකී සියලු සංවේදී පරිසර කලාපවල ඉඩම්වලට අද අත්වී ඇති ඉරණම ඉතා භයානකය. එය පොදුවේ ලාංකීය මිනිස් ප්‍රජාවට පමණක් නොව, ලෝකයේ ජිව විවිධත්වය අතින් ඉහලම රටක් වන මෙරට ශාක හා සත්ව ප්‍රජාවට මහත් තර්ජනයකි. මෙහි බලපෑම ආවේනික මත්ෂ්‍ය වර්ග 50 කට වඩා වැඩි මිරිදිය මත්ෂ්‍ය විවිධත්වයේ සිට අලි ඇතුන්, දිවියන්, වලසුන් දක්වාද, නොතර ඇස නොගැටෙන කුඩා ජීවී විශේෂයන් දක්වාද විහිදී යයි.

dellawaසිංහරාජයට යාබද දෙල්ලව වැසි වනාන්තරය 2017

ඉඩම් කළමනාකරණය වෙනුවෙන් පමණක් ලංකාවේ ආයතන 15කට අධික ප්‍රමාණයක් මහජන මුදල් යොදවමින් පවත්වාගෙන යයි. මේ  අතර ඉඩම් අමාත්‍යංශයේ සිට නාගරික සංවර්ධන අමාත්යංශය දක්වාත්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති වැනි ආයතන ඉතා විශාල ප්‍රමාණයක්ද ඇත. නමුත් අද වන තෙක් මෙරට කඳුකරය ජල පෝෂක ප්‍රදේශ හෝ වනාන්තර ඉඩම් ආරක්ෂා කරගැනීමේ පැහැදිලි ප්‍රතිපත්තියක් මෙරට නොමැත. ඒ  වෙනුවට දේශපාලඥයින්ට හා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය පරිදි මෙරට වටිනා ඉඩම් අවභාවිතා කරමින් සිටී.

ඉඩම්වලින් සිදුවන මුලික සේවාවන් වන ජයිව විවිධත්ව ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පරිසරය සැකසීම, කාලගුණ තත්වයන් පාලනයට සහය වීම, ජල චක්‍රය පවත්වාගෙන යාම, පෝෂක ගබඩාකරගැනීම,  පිරිපහදු කාර්ය සහ වියෝජන කාර්ය වැනි දේ පිලිබඳ නිසි අවභෝදයකින් ක්රියාකරන්නේ නම් ලංකාවේ ඉඩම් රත්තරන් හා සමාන වටිනාකමක් ඇති  සම්පතක් බව වැටහෙනවා නොඅනුමානය. එසේ නොවැටහීම හේතුකරගෙන මේ වන විට ලංකාවේ ඉඩම් අති විශාල ප්‍රතිශතයක් නිසරු බවටත්, කාන්තාරකරණයටත් ලක්වෙමින් පවතී.

එවැනි වටපිටාවක් තුල ඉඩම් ප්‍රතිසංස්කරණය (හායනයට හා නිසරු වූ ඉඩම් ප්‍රතිස්ථාපනය), සන්රක්ෂිත කලාප ආරක්ෂා කිරීම,  යෝජිත රක්ෂිත ඉඩම් ආරක්ෂා කිරීම, ඉඩම් අවභාවිතය අවම කිරීම (පාංශු, ජලය..වැනි), කෘෂිකාර්මික ඉඩම්වල පලදායීතාව වැඩිකිරීම සහ පාරිසරික වැදගත්කම් ඇති සියලු ඉඩම් වර්ග කර සංරක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කාර්යන් බවට පත්ව ඇත.

එබැවින් මෙරට පාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා අදාළ බලධාරීන් තේරුම් ගත යුත්තේ ඉඩම් යනු ක්ෂණිකව හෝ කෙටිකාලීනව මුදල් උපයාගැනීමේ මාර්ගයක් නොවන බවත්, ඉඩම් සම්පත පොදුවේ රටේ ජනතාවටත්, ගහකොළ සතා සීපාවාටත් එකසේ අයිති වස්තුවක් බවයි.

ඉඩමක් විනාශ වී ගිය පසු නැවත යථා තත්වයට පත්කිරීමට පරම්පරාවක් ගතවන බව අප සිහිතබා ගතයුතුය. ඉඩම් බුද්ධිමත් හා තිරසාර ලෙස භාවිතා නොකිරීම තුලින්, අප වර්තමානයේ අතිවින්දින්නා වූ ව්යාසන වන දැඩි නියං, ගංවතුර, නාය යාම් සහ ගිලාබැසීම් වැනි ව්යාසන උග්‍ර වේ.  පසුගිය වසර කිහිපය එයට මනා උදාහරණ ගෙනදක්වයි.

එවන් වටපිටාවක් තුල රට ලෙස අප හැකි ඉක්මනින් ප්‍රායෝගික තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර අවම වශයෙන් වනාන්තර ඉඩම් ප්‍රතිශතය 40% ක් දක්වාවත් වර්ධනය කල යුතුය. මධ්‍යම කඳුකරය සහ අවම වශයෙන් අඩි 5000 වැඩි උසින් පිහිටි හැකි සියළු ඉඩම් ස්වභාවධර්මයට බාර දිය යුතුය. උමාඔය මොරගොල්ල වැනි ව්‍යාපෘති කිරීමේදී පවුල් දහස් ගණන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවිය හැකිනම්, පාරිසරික අවශ්‍යතාවන් සලකා මෙකී ඉඩම් පවරාගැනීම අසීරු නොවනු ඇත. මුතුරාජවෙල, බදුලුවිල, බෙල්ලන්විල අත්තිඩිය ඇතුළු සියලු තෙත් බිම් ඉඩම් නැවත සංරක්ෂණය කලයුතුය. විදේශීය සමාගම්වලට අපේ වටිනා වනාන්තර ඉඩම් විකුණා දැමීම නැවතිය යුතුය. සියලු පාරිසරික නීතීන් හා පාරිසර සංරක්ෂණ අවශ්‍යතා සලකා කිසිඳු ඉඩමක් කර්මාන්ත වෙනුවෙන් බදු දී හො විකුණා දැමිය නොයුතුය. අවසාන වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉතා වටිනා වනාන්තර සහ අතහැරදමන ලද වතු ඉඩම් සියල්ල අවභාවිතා වැලක්වීමට පාරිසරික වැදගත්කමක් ඇති කලාප බවට පරිවර්තනය කලයුතුය.

වැසි වනාන්තර සුරකින්නෝ
http://www.RainforestProtectors.org

 

Rakwana Reforestation Project (September 9 & 10, 2017)

We wish to thank all those who participated or helped in various ways to make the native tree planting on September 9 / 10th, 2017 weekend a success despite the rain. We also thank MAS Intimates (Pvt) Ltd for their sponsorship towards this important reforestation project. Out of 630 plants which were transported to the site, 550 were planted. The species include Ashoka, Wal Del, Kumbuk, Mee, Beli, Kos, Maadan, Kohomba, Lunumidella, Atamba, and many more. The remaining 80 plants are currently under 2 caretakers.

Through Rakwana Reforestation Project, we aim to initially reforest a 20 acre hilltop destroyed due to human induced forest fire. The hilltop is situated in North-Eastern Sinharaja World Heritage Rainforest within close proximity to Rakwana town and directly adjoining Galdola Waterfall.

We plan to have the next session to expand the planting area and plant more native saplings on October 7-8 weekend.

To get involved in this project, please call 0777771348 or email RainforestProtectors@gmail.com

21369242_1702694479743790_9136254367954447976_n

21432987_1703821632964408_7932507370698778966_n

21371345_1702694626410442_8534361926270050635_n

21430638_1702694653077106_4948995458386267489_n

21370933_1702694833077088_1316422945770956253_n

21430132_1703139859699252_1285127528864933885_n

21463038_1703821522964419_3292193280977000453_n

21463157_1703139906365914_5543728183851694090_n

21640847_227995141063310_3946585921888053561_o

21586739_227995194396638_898754067815095569_o

21551659_227995317729959_5606974179558380609_o

Rainforest Protectors of Sri Lanka

http://www.RainforestProtectors.org