Monthly Archives: March 2017

Rakwana Reforestation / රක්වාන නැවත වනවගාව

රක්වාන ප්‍රදේශයේ සිංහරාජයට යාබද ගින්නෙන් විනාශ වී ගිය කන්ඳක නැවත වනවගාවක් කිරීමට වැසි වනාන්තර සුරකින්නෝ සංගමය සැකසුම් කර ඇත. මෙහි පලමු අදියර ලෙස අක්කර 20ක භූමි ප්‍රදේශයක් නැවත වැසි වනාන්තරයක් කිරීමට බලාපොරොත්තු වන අතර, ගිනි පටි සකස් කර ගින්නෙන් විය හැකි විනාශය අවම කිරීමටද බලාපොරොත්තු වේ. ඒ සම්බන්ධව ප්‍රදේශයේ පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 9 වන බ්‍රහස්පතින්දා රක්වාන පන්සලේදී පවත්වන ලදි. මෙයට වැසි වනාන්තර සුරකින්නෝ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙක් සහභාගි වූ අතර, ප්‍රදේශයේ ආගමික නායකයින්ද, ග්‍රාම නිලධාරී මහතාද, රක්වාන වන අඩවි නිලධාරී මහතාද, රක්වාන ප්‍රජා සංවිධාන කිහිපයක නායකයින්ද පැමිණ සිටියහ. ගිනි පටි සෑදීම හැකි ඉක්මනින් ප්‍රජා සංවිධාන සහය ඇතිව සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව පැල සිටවීම කිරීමට අප බලාපොරොත්තු වේ. පැල සිටවීමට දිනය තීරණය කල පසු ඒ සඳහා සාමාජිකයින්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙමු.

Rakwana Reforestation Project is an initiative by Rainforest Protectors of Sri Lanka to replant native trees in forest land adjoining Sinharaja Rainforest that has been destroyed by human-induced fire. The first phase will involve reforesting 20 acres along with creation of fire belts to prevent spreading of fire in the future. To kick off the initiative and get the support of villagers, a meeting was held at Rakwana Temple on Thursday March 9th. Two members of Rainforest Protectors of Sri Lanka, Grama Niladhari, Clergy, officer from Rakwana forest conservation department and several village organizations attended this meeting to pledge their support. Creation of fire belts will be done soon as possible with the help of villagers after which we will do the plantings. We will send an announcement when the planting is scheduled.

1

2

3

4

5

 

7

8

9