Monthly Archives: December 2016

දිය ඇලි, ගංගා හා දොළ විනාශ කරමින් සිදුවන මහා පරිසර විනාශයට එරෙහි ජනතා විරෝධය

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුල දිය ඇලි, ගංගා හා දොළ විනාශ කරමින් මේ වන විට ඉදිවන පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර හේතුවෙන් විශාල පාරිසරික හා සමාජයික ගැටලු රැසක් මතුවී තිබේ. මේ පිලිබඳව පරිසර ඇමති ඇතුලු අදාල සියලු රාජ්‍ය ආයතන පසුගිය වසර තුල පරිසර සංවිධාන මගින් දැනුවත් කල නමුත් සිදුවන විනාශය වැලැක්වීමට මේ වන විටත් නිසි පියවර ගෙන නොමැත.

දැනට ඉදිවන සියලු කුඩා ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් උපරීම ලාභ ලැබීමේ අරමුණින් සිදුකරයි. ඉදිකිරීමට ප්‍රථම නීත්‍යානුකූල පරිසර ඇගයුම් වාර්තාවක් අදාල රාජ්‍ය ආයතන මගින් සිදු නොකරන අතර ඉදිකරන සමාගම විසින්ම සැකසූ ව්‍යාජ පරිසර වාර්තාවක් යොමු කර මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගනී. මධ්‍යම පරිසර අධිකාරිය තුලම සිටින මෙම ව්‍යාපෘති හා සම්බන්ධ සමහර දූෂිත නිලධාරීන් ක්ෂණිකව අදාල අනුමැති ලබා දෙන අතර ඉදිකිරීම් කටයුතු කෙරෙන කාලය තුල හා ඉන් පසුව කිසිම නිරීක්ෂණ චාරිකාවක් සිදු නොකෙරේ. මෙම ව්‍යාපෘතියක් තුලින් දල වශයෙන් උපදවන විදුලිය මෙගාවොට් 1ක් පමණ වන අතර එය රටේ සමස්ත විදුලි පරිභෝජනය වන මෙගාවොට් 4,200න් 0.02%ක් පමණකි. සියලු දිය ඇලි, ගංගා හා දොළ විනාශ කර කුඩා බලාගාර මගින් උපදවිය හැකි විදුලිය මෙගාවොට් 400ක් බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ප්‍රකාශ කර ඇති අතර එය 2025දී මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 5%කටත් අඩු ප්‍රමාණයකි. මෙරට ඉතිරි වී ඇති ජල මූලාශ්‍ර වනසමින් රටේ විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට කොහෙත්ම නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. වනාන්තර විනාශය හා ගෝලීය උෂ්ණත්වය නැගීම නිසා ඉදිරියේදී පැමිණීමට නියමිත දරුණු නියං තත්වයත් සමග රටේ ජනතාවට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පමණක් නොව පානය කිරීමටවත් ජලය ඉතිරි නොවනු ඇත.

ethamala.jpg

 

පරිසර හිතකාමීව විදුලිය උත්පාදනය කල හැකි ක්‍රමවේද බොහොමයක් ඇත. වැඩි වශයෙන්ම තුන්සිය හැටපස් දවසේම හිරු එලිය ලැබෙන නිවෙස් වහල තුල සූර්ය කෝෂ සවිකිරීමට ජනතාවට සියලු පහසුකම් රජය විසින් සලසා දිය යුතුව ඇත. ඊට අමතරව රටේ බැරෑරුම් ප්‍රශ්ණයක් වී ඇති කසළ යොදා ගෙන විදුලිය උත්පාදනය කිරීමට දේශීය හා විදේශීය සමාගම් රැසක් 2015 වසර තුල නාගරික සංවර්ධන අධිකාරිය වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් අද වනතුරු මෙම යෝජනා එම ආයතන තුලම දූවිලි රැස් කරමින් තිබේ.

කිලෝමීටර දහසක පමණ ගංගා හා දොළ මේ වන විටත් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා වියලී ගොස් අවසන්ය. මෙම ප්‍රදේශ තුල ජලය ගලන්නේ ගංගා හා දොළ පාරවල් වල නොව කිලෝමීටර ගණනාවක් දිග කොන්ක්‍රීට් කාණු පද්ධති හරහාය. එමගින් පීඩා විඳින ගැමි හා ගොවි ජනතාවත්, වඳවී යන ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින් ඇතුලු ජලජ ජීවීනුත් බොහෝය. ජල හිඟය නිසා කෘෂිකර්මාන්තය අඩාල වී ඇති අතර සංචාරකයින්ට නැරඹීමට තිබූ සුන්දර පරිසර පද්ධති විනාශ වී කොන්ක්‍රීට් වනාන්තර බවට පත්වී ඇති නිසා මෙම ප්‍රදේශ තුල සංචාරක කර්මාන්තයද බිඳ වැටී ඇත. මෙම ජල මූලාශ්‍ර වල වෙසෙන ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි අලංකාර මිරිදිය මත්ස්‍යයින් දිනෙන් දින ලොවෙන් සදහටම සමුගනිති.

CEA.jpg

ජල මූලාශ්‍ර සහමුලින් විනාශ කරනා මෙම කූට ව්‍යාපාරය වහා නතර නොකලහොත් වැඩිකල් නොගොස් අප සුන්දර මව්බිම ගිනි කතරක් වනු ඇත. එදින මෙම මාෆියාව විසින් ඔබටත් ඔබේ දරුවන්ටත් පිටරටින් වැඩි මිලට බොතල් කල ජලය විකුණනු ඇත.  දැනුවත් වී අවදිවන්න. රටත් පරිසරයත් වනසන මෙම මාෆියාව තුරන් කර ලක්මවගේ ජල සම්පත රැකගනිමු!

මිනි හයිඩ්‍රෝ මාෆියාවට එරෙහි ජනතා විරෝධය 2017 ජනවාරි 25 බදාදා බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට පැවැත්වේ. ඒ සඳහා ඔබත් එක්වන්න.
https://www.facebook.com/events/353922258319595/

 

 

මහනුවර නගරයට ජලය සපයන දුනුමඩලාව රක්ෂිතය අනතුරේ

17.12.2016  ැසි වනාන්තර සුරකින්නෝ    දුනුමඩලාව වනරක්ෂිතය මහනුවර නගරාශ්‍රිතව ඉතිරි වී ඇති අවසාන ස්වභාවික වනාන්තරයන් දෙකෙන් එකකි. එය කළමණාකරණය කිරීමේ වගකීම මහනුවර නගර සභාව දරණු ලබන්නේ දුනුමඩලාව රක්ෂිතය, ජලාශය හා ජලපෝෂක-ජලධාරක ප්‍රදේශය මහනුවර නගරයේ ප්‍රධාන පානීය ජල සැපයුම වීමේ විශේෂ හේතුවෙනි. නමුත්, සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ප්‍රසර්පණකාරී ක්‍රියා නිසා වනරක්ෂිතයත් ජලාශය හා ජලපෝෂක-ජලධාරක ප්‍රදේශයත් දැඩි තර්ජනයකට ලක්වී ඇත.

1

2

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට අදාල බලධාරීන් අසමත් වුවහොත් මෙම ප්‍රදේශයේ නායයාම් හා භූගත ජල හිඟයක් ඉදිරියේදි ඇතිවිය හැක. එබැවින් දුනුමඩලාව රක්ෂිතයේ ඵෛතිහාසික පිඹුරැපත්වලට අනුකූලව යුහුසුඵ හා පුඵල් බිම් මැනීමක් රජය විසින් කඩිණමින් සිදුකළ යුතු අතර ඒ හා සමගාමීව එම නීත්‍යානුකූල මායිම් ලකුණු කිරීමක් සහ මායිමට අභ්‍යන්තරයෙන් ගොඩනගා ඇති සියඵම අවධිමත් ඉදිකිරීම් ද ඉවත්කළ යුතුය.

මෙම වනරක්ෂිතය උඩරට රාජධානි සමයේ තහංචි කැළයක් වූයෙන් අතිමහත් පුරාවිද්‍යාත්මක හා ඵෛතිහාසික වටිනාකමක් ද ඇති ස්ථානයකි. එබැවින් දුනුමඩලාව වනරක්ෂිතය, එම ජලාශය හා එම ජලපෝෂක හා ජලධාරක ප්‍රදේශය හා අවට කැලෑ සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස පරිසර ඇමති හා අදාල බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.