‘ඇතාමළ ඇල්ල’ අවසන් හුස්ම හෙලමින්…

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ඇතාමළ ඇල්ල නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ලයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පහලට ඇද හැලෙන ඇයට මේ නම ලැබී ඇත්තේ ජල පහරට ගසා ගෙන ගොස් ඇතෙකු මෙම ඇල්ලේදී මැරුණු බවට ජනප්‍රවාදයක් ඇති බැවිනි. නමුන් අවාසනාවක තරම. වසර මිලියන ගනනාවක් තිස්සේ ඇද හැලුණු ඇය මිනිසා හමුවේ නොබෝ දිනකින් සදහටම ලක් මවගෙන් සමුගැනීමට නියමිතය.

දිය ඇලි 400කට අධික ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකාවේ රටෙහි භූමි ප්‍රමාණය හා සසඳා බලන විට ලෝකයේ වැඩිම දිය ඇලි ඝනත්වයක් ඇති රටයි. නමුත් මේ ගැන අපට ආඩම්බර විය හැකිද? වැසි වනාන්තර මගින් පෝෂණය වූ මධ්‍යම කඳුකරයේ ජල උල්පත් තුලින් පටන් ගෙන ගංගා සිය ගණනක් හරහා ගලා යන පිරිසිදු ජලය මෙසේ සුන්දර දිය ඇලි 400ක් බිහි කිරීමට මූලික වේ. බ්‍රිතානය අධිරාජ්‍යය සමයේ මෙම වැසි වනාන්තර කෝපි හා ඉන් පසුව තේ වගාවට විනාශ කිරීමත්, නිදහස ලැබූ අප එම විනාශකාරී ක්‍රියාවලිය දිගින් දිගටම ගෙන යාමත් නිසා මෙම දිය ඇලි වල අද තත්වය බොහෝ දුක්බරය. නමුත් පසුගිය වසර කිහිපයක සිට දිය ඇලි සම්පූර්ණයෙන් විනාශ කිරීමේ පෞද්ගලික ජල විදුලි ව්‍යාපෘති ගණනාවකට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර දී ඇත. මෙවැනි එක් ව්‍යාපෘතියක් ඇතාමළ ඇල්ල හරහා ඉදිකිරීම් කඩිමුඩියේ නිම වෙමින් පවතී.

පසුගිය දින අප ඇය යලි දැක බලා ගැනීමට ගියෙමු. ඇතාමළ ඇල්ල හැලෙනා තැන පොකුණකි. මෙය ස්වභාවික නාන තටාකයක් ලෙස සංචාරකයින් හා ගැමියන් භාවිතා කරති. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින්ද බොහෝය. ඇල්ල නැවතුනු පසු මත්ස්‍යයින්ද පොකුණද මිය යනු නිසැකය. ඩෙංගු මදුරුවන් බෝ කරනා දිය කඩිත්තක් පමණක් වනු ඇත. ඇල්ල ඉදිරිපිටදී අපට සොවින් පීඩිත ගැමියන් දෙදෙනෙක් මුන ගැසුණු අතර ඔවුන් අපට පැවසූයේ ඉතා දුක්බර කතාවකි. “මහත්තයා, අපි මේ ගමේ පදිංචිය. මේ ඇල්ලේ පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරලා තමයි හැදුනේ. හරිම දුකයි මේ කරන වැඩේ ගැන. අන්තිම පාරටත් දැකලා යන්න තමයි ආවේ.” යනුවෙන් තම දුක්ඛිත වේදනාත්මක අඳෝනාව අසරණ ලෙස අපවෙත ඉදිරිපත් කලේ සිත් කම්පාකරමිනි.දේශපාලකයින්, රජයේ අල්ලස් බලධාරීන් හා කූට ව්‍යාපාරිකයින් හමුවේ දිනෙන් දින විනාශ වන සුන්දර දිය ඇලි වල සෝචනීය තත්වයයි මේ.

දිය ඇලි වල වැදගත්කම සුන්දරත්වය පමණක් නොවේ. ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය ඉහල දැමීමෙන්ද ඇමෝනියා වැනි අහිතකර වායුන් ඉවත් කිරීමෙන්ද ගල් මත රැඳි ක්ෂුද්‍ර ශාක පින්නෙන් තෙමා පෝශණයෙන්ද දිය ඇලි පරිසර සමතුලිතතාවයට වැදගත් මෙහෙවරක් සිදු කරයි. ආර්ථිකමය වශයෙන් සංචාරක ව්‍යාපාරයට ඉතා වැදගත් වේ. “සිරි පැරකුම්”, “සූරිය අරණ”වැනි අප රටේ නිශ්පාදිත චිත්‍රපට ගණනාවක් සඳහාද දිය ඇලි පසුබිම් වී ඇත. බොහෝ රටවල දිය ඇල්ලක් දැක ගැනීමට මිනිසුන් සැතපුම් සිය ගණනක් ගමන් කල යුතුය. එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ ඇති සුන්දර දිය ඇලිවල වටිනාකම ගැන ශ්‍රී ලාංකිකයින් යයි කියා ගන්නා අපටවත් තැකීමක් නැතිකම මහත් අවාසනාවකි.

ඇතාමළ ඇල්ල නොබෝ දිනකින් අවසන් හුස්ම හෙලනු ඇත. ඊට පෙර අවසන් වතාවට ඇය නරඹා රටට වී ඇති කරුමය දෑසින් දැක බලා ඉතිරි වී ඇති දිය ඇලි ටිකවත්  මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට දායකවීම තවමත් දියඇලිවල පිනෙන් පිරිසිඳු පාණීය ජලය පරිහරණය කරන පුරවැසියන් ලෙස ඔබෙත් අපෙත් පරම යුතුකම වේ.

image-0-02-01-295a27194ab7a99498470a9f9c30f9bda348948efc8b0592424f2931aa8e9e6a-v

image-0-02-01-376b46fdc620d2d83b0d1e19fccb772f992d7632c4a987df2384525d84291ca6-v

image-0-02-01-b8e5579f33715a0503edbc55580245c800f37991bdceffbac22be337b0519f4c-v

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s