ආඳා දොල කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම හේතුවෙන් මහා පරිසර විනාශයක්

වැසි වනාන්තර සුරකින්නෝ – පෙබරවාරි 9, 2016

නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගිං ගඟෙහි අතු ගංගාවක් වන ආඳා දොල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ නවතම ගොදුර බවට පත්වී තිබේ. මෙහි හරස් බැම්ම (weir) හා කොන්ක්‍රීට් අනුමඟෙහි (penstock) කිලෝමීටර 2.5 ක විශාල කොටසක් පාරිසරකව සිංහරාජ වනාන්තර සංකීර්ණයට අයත් දෙල්ලව වැසිවනාන්තරය තුල ඉදිකෙරෙමින් පවතී. රක්ෂිත වැසිවනාන්තරයක් තුල පරිසර නීතිරීති උල්ලංඝනය කරමින් සිදුවන මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ පරිසරයට බලවත් හානියක් සිදුවී ඇත. මෙම බැම්ම නිසා ආඳා දොලෙහි කිලෝමිටර් 6.5 ක දිගැති ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී යාමට නියමිත අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ආඳා දොලෙහි වෙසෙන ශ්‍රීලංකාවට ආවේනික පතිරණ සාලයා (Devario pathirana) හා මල්පුලුට්ටා (Malpulutta kretseri) වැනි ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයන් ප්‍රදේශයෙන් සදහටම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

20160104_113022 - Copy.jpg

මෙහි ඉදිකිරීම කටයුතුවලදී රක්ෂිත ප්‍රදේශයේ ශ්‍රීලංකාවට ආවේනික ඉතා දුර්ලභ හොර (Dipterocarpus zeylanicus), තිනිය දුන් (Shorea trapezifolia), යකහලු (Shorea dyeri) වැනි වටිනා දැවැන්ත වැසිවනාන්තර ශාඛ රැසක් කපා ඉවත් කර ඇත. IUCN රතු දත්ත පොතට අනුව මෙම ශ්‍රීලංකාවට ආවේනික දුර්ලභ ශාඛ ලෝකයෙන් තුරන් වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. දැවැන්ත ශාඛ කපා ඉවත් කිරීම හා කැණීම් කටයුතු නිසා මෙම ඉදිකිරීම් කෙරෙන ප්‍රදේශයේ පාංශු ඛාදනය හා න්‍යාය‍යෑම් දැනටමත් සිදුවී ඇති බව පැහැදිලිය. මීට අමතරව ජලය ගෙන යාම සඳහා ප්‍රදේශයේ කන්දක් හරහා ගැඹුරු කාණුවක් ලෙස පස් කපා ඉවත් කිරීම හේතුවෙන් කන්දේ අස්ථාවර තත්වයක් ඇතිවී ඇති අතර නොබෝ දිනකින් විශාල න්‍යායයාමක් සිදුවීමට ඉඩ තිබේ.

20160104_112521 - Copy

මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කිරීමට නියමිත විදුලිය මෙගාවොට් 0.77 ක් පමණ සුළු ප්‍රමාණයක් වන නමුත් ඉන් සදාකාලිකව පරිසරයට වන හානිය මිල කල නොහැකිය. මින් රක්ෂිත වැසිවනාන්තරය හා භූගත ජල පද්ධතියට වන හානිය නිසා ඉතා කෙටි වියලි කාලයකදි වුවත් ආඳා දොල සම්පුර්ණයෙන් හිඳී යාමට හැකි බව ප්‍රදේශ වාසීන්ගේ මතයයි. එවැනි තත්වයකදී ආඳා දොලෙහි ජලය මත යැපෙන ප්‍රදේශවාසීන්ට ඉතා අසීරු ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන අතර විදුලිය උත්පාදනයද අත්හිටුවීමට සිදුවනු ඇත. රක්ෂිත වැසිවනාන්තර විනාශ කර පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එකතුව අනුබල දීම ගැටලු සහගතය. සූර්ය, කසළ හා සුළං යන මූලාශ්‍රයන් මගින් පරිසර හිතකාමීව බලශක්තිය නිපදවීම සඳහා අවධානය යොමුකර ශ්‍රීලංකාවේ තෙත් කලාපයේ දිය ඇලි, ගංගා, දොල හා වැසිවනාන්තර විනාශ කරමින් සිදු කෙරෙන මෙවැනි කුඩා ජල විදුලි ව්‍යාපෘති වගකිව යුතු බලධාරීන් විසින් වහා අත්හිටවිය යුතුය.

20160104_122023

20160104_123850.jpg

20160104_124921

වැසි වනාන්තර සුරකින්නෝ

http://www.RainforestProtectors.org

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s